Spread the love

වසරේ ගතවූ මුල් මාස 04 තුළ රථවාහන ලියාපදිංචියේ විශාල අඩුවක් ඇතිබව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පවසයි.

එම කාලය තුළ වාහන 2980 ක් පමණක් ලියාපදිංචි කර තිබේ.ඒ අතර මෝටර් රථ 576 ක් යතුරුපැදි 2205 ක් සහ බස් රථ 199 ක් පමණක් ලියාපදිංචි කර තිබිණ .

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද පසුගිය වසරේ එම කාලය තුළ වාහන 11506 ක් අලුතින් ලියාපදිංචි කර තිබූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.