කැරට් 22 රන් පවුමක මිල රු. 162,800 ක් දක්වාඅද (01) දිනයේ පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ වාර්තා වෙයි.
ඊයේ (31) දිනයේ කැරට් 22 රන් පවුමක මිල දැක්වුණේ රු. 165,600ක් ලෙසයි. එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 177,000 ක් දක්වා පහත වැටී ඇති අතර ඊයේ දිනයේ එහි මිල දැක්වුණේ රු. 180,000ක් ලෙසයි.