රන් මිල විශාල ලෙස පහල බසී…
දේශීය වෙළෙඳ පොළේ රත්රන් මිල වේගයෙන් පහළ බසිමින් ඇතැයි රන් ව්‍යාපාරිකයන් කියා සිටිති.
ඩොලරයේ අගය පහළ යාම මත මෙම මිළ පහළ යාම සිදුවෙමින් ඇතැයි ඔවුන් පෙන්වාදෙති.
මේ වන විට කැරට් 22 රන් පවුමක මිල රුපියල් 165,000 දක්වා පහළ බැස ඇති අතර කැරට් 24 රන් පවුමක් රුපියල් 182,000 දක්වා මිල පහත තිබේ.
කොළඹ හෙට්ටිවීදියේ අද දින රන් මිල ගණන් දැක්වූයේ එසේය.
