පසුගියදා ජපානයේ පැවති පැරා ඔලිම්පික් තරඟාවලියේ දි රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්ත හා ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් ට ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රජාව ප්‍රමුඛ ජපානයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව උපහාර පිදීමේ හා තිළිණ ප්‍රදානය කිරීම පසුගියදා ජපානයේ සවාරා ලංකා ජී විහාරස්ථානයේ දී සිදු කෙරිණ.මෙම අවස්ථාවටපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා, ලංකාජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමි හා
යටවර ප්‍රඥාරාම හිමියෝ ද ටෝකියෝ පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එක් වූහ.