Spread the love

රජයේ සේවකයින් සඳහා නිවසේ සිට රාජකාරී සිදුකිරීමේ දිනයක් ලෙස සිකුරාදා දිනය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

රාජ්‍ය සේවකයින් සඳහා සතියේ දින 4ක් පමණක් රාජකාරී ස්ථාන වෙත කැඳවීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන්ධන භාවිතය අවම කිරීමේ එක් පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.