“හිටපු සෞඛ්‍ය ඇමති වරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මුදල් අවභාවිත කරමින් ජනතාවට කරපු මහා අපරාධයක සාක්ෂිය තමයි මේ ඈගල් ඔය හන්දියෙ අතෑරල තියන ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල කියන්නෙ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා තමන්ගෙ හිතවතෙක් සනසන්න රජයේ මුදල් මිලියන 130 කූඨලෙස යොදවාගත්ත අපරාධයක ඇහැට පේන සාක්ෂියි.”
යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර එසේ ප්‍රකාශ කළේ හොරණ ඈගල් ඔය ප්‍රදේශයේ අතහැර දමා ඇති වටිනා ගොඩනැගිල්ලක් නිරීක්ෂණය නිරිමෙන් අතරතුරය.

“දිගාසිරි” නමින් පවත්වාගෙන යන මෙම පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලේ පැවැති ව්‍යාපාරය බිඳවැටීමෙන් පසු බැංකුවකට සින්නවී ඇති අතර යහපාලන සමයේදී හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් සිය ව්‍යාපාරික හිතවතා ණය බරින් මුදවා ගැනීමට රාජ්‍ය දේපලක් බවට පරිවර්ථනය කර මෙසේ නිකරුනේ වසා තැබීමට කටයුතුකර ඇතැයි වාර්තා වේ.

පසුගියදා පාර්ලිමේන්තුවේද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාද මෙම ගනුදෙනුව පිළිබඳ ප්‍රශ්න කර තිබෙන අතර මේ වනවිට වැඩිදුර විමර්ෂණ සඳහා සිද්ධිය රහස් පොලිසියටද යොමුකර තිබේ.
“සුදනන් සුදනන් කියල අද සුද්ධවෙන්න එන අයගෙ කෙරුවාව ඉදිරියේදී ඇහැට පේන, කනට ඇහෙන ශාක්ෂි සමග මහජනතාව ඉදිරියට ගෙන එන බවත්, එවිට හැකිනම් තමන් සුදනන් කියමින් මහජනතාව ඉදිරියට පැමිණන ලෙසත් ජයන්ත සමරවීර ඇමති වරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
