
චිත්‍ර සහ මූර්ති ශිල්පයේ විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලාංකේය කලාකරුවන් අගයනු වස් පුද කෙරෙන “රාජ්‍ය චිත්‍ර සහ මූර්ති සම්මාන උළෙල“ ඊයේ (09) කොළඹ මරදාන එල්ෆින්ටන් රඟහලේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
විද්වත් මණ්ඩලයකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සම්මානිත චිත්‍ර සහ මූර්ති තෝරා ගැනීම මෙහිදී සිදු කෙරෙන අතර ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන “දෘශ්‍ය කලා අභිමානී ජාතික සම්මානය“ මේවර මහාචාර්ය ඇල්බට් ධර්මසිරි මහතා වෙත පුදකළ අතර අංශ ගණනාවක් යටතේ සම්මාන සහ කුසලතා සහතිකපත්වලින් විශිෂ්ටයෝ උලෙළෙදී පිදුම් ලැබුහ.

අග්‍රාමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන්,අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතගේ උපදේශකත්වයෙන්,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මියගේ,ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ මහතාගේ සහ රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාවේ සභාපති මහාචාර්ය රම්‍යවර්ධන පොඩිනිලමේ මහතාගේ අධීක්ෂණය සහ මගපෙන්වීමෙන් ද ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්විණි.
