Spread the love

කල් ඉකුත්වු රියදුරු බලපත්‍ර සදහා වලංගු කාලය දිර්ග කිරිමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ අනුව මේ වසරේ අප්‍රේල් මස 1 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කාල සීමාව තුළ කල් ඉකුත්වීමට නියමිත ව තිබූ සෑම රියදුරු බලපත්‍රයක ම වලංගු කාලසීමාව කල් ඉකුත්වීමේ දිනයේ සිට වසරකින් දීර්ඝ කර තිබෙනවා.

ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබෙනවා. එසේම මේ වසරේ ඔක්තෝම්බර් 1 වනදා සිට ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා කාල සීමාව තුළද කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයක ම වලංගු කාලය කල් ඉකුත්වීමේ දිනයේ සිට මාස හයකින් දීර්ඝ කර ඇති බවයි

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.