Spread the love

දිවයිනේ අද (01) පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුවූ මාර්ග රිය අනතුරු 05 කින් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඇල්ල,අනුරාධපුර ,වේල්ලවීදිය,නින්දවූර් සහ පුලස්තිපුර පොලිස් බල ප්‍රදේශ වල අනතුරු සිදුව තිබේ.

අනතුරුවලින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 61,56,26,22 සහ 42 වයස් වල පසුවන පුද්ගලයන් බව පොලිසිය පවසයි.
අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.