Spread the love

අනුරාධපුර පුරාවිද්‍යා ස්ථාන කැණීම සහ සංරක්ෂණය සදහා අරමුදල් සැපයීමට ප්‍රදේශයේ විහාරාධිපතිවරුන් එකඟතාව පළකර ඇතිබව මධ්‍යම සාස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවසීය.

සංචාරකයන් නොපැමිණීම හේතුවෙන් මතුවී ඇති මූල්‍ය දුෂ්කරතා පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීමෙන් අනතුරුව එම කැමැත්ත හිමි වූ බව  පැවසීය.

ඒ අනුව රුවන්වැලි සෑ පරිශ්‍රය ආශ්‍රිතව කෑනීම් හා සංරක්ෂණ කටයුතු කිහිපයක් ලබන සතියේ ආරම්භ කරන බව පැවසීය.