Spread the love

රුසියානු ,යුක්‍රේන යුද්ධය හේතුවෙන් මෙරට තේ අපනයනය සදහා ඉදිරියේදි බලපෑම් ඇතිවිය හැකි බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතා පැවසීය

.පසුගිය සතියේ පැවති තේ වෙන්දේසියට රුසියාව වෙනුවෙන් තේ ගැනුම් සදහා ඉදිරිපත් වන ගැනුම්කරුවෙකු ඉදිරිපත් ව නොමැති බව පැවසීය.

මේ අතර රුසියාවට සහ යුක්රේනයට තේ අපනයනය කිරීම සම්පුර්ණයෙන් නතර කළ බව ශ්‍රීී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය පවසයි.පවතින යුද වාතාවරණය ඊට හේතුවී තිබේ.

රුසියාවට තේ අපනයනය කිරීමෙන් වාර්ෂිකව මෙරටට ඇමරිකානු ඩොලර් කෝටි 15 විදේශ විනිමයක් ලැබිණි. කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතා සදහන් කර සිටියේ රුසියාවට සහ යුක්රේනයට තේ අපනයනය කිරීමෙන් මුදල් ලබා ගැනිම සම්බන්ධ ගැටඵ මතුවී ඇති බව පැවසීය.

නැව් සමාගම් තේ අපනයනය ප්‍රතික්ෂේප කිරීම ද එම රටවලට තේ අපනයනය නතර කිරීමට හේතු වු බව පැවසීය.එම රටවලට තේ අපනයනය කරන අපනයනකරුවෝ උග්‍ර මුල්‍ය අර්බුදයකට ද ලක්වී සිටින බව පැවසීය.

මේ නිසා නව ගැනුම්කරුවන් සොයා ගැනීමට ද සිදුව ඇතිබව සභාපතිවරයා පැවසීය. වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් තේ කිලෝග්‍රූම් කෝටි 03 ක් පමණ රුසියාවට අපනයනය කරයි. යුක්රේනයට තේ කිලෝග්‍රූම් ලක්ෂ 30 ක් අපනයනය කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.