Spread the love

ගම්පහ දිස්ත්‍රික් කොට්ඨාශ රෙජිස්ට්‍රාර්වරුන්ගේ පුහුණු වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඇරඹිණි.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි, රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාර භාර නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල්  චන්දිමා ජයලත්, ගම්පහ දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් නිලූකා විදානාච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික්කයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයන්හි මාණ්ඩලික නිලධාරීන්ද උප්පැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර්වරුන්ද සහභාගි වූහ.