Spread the love

විවිධ රෝගාබාධ සහිත දරුවන් සදහා කොරෝනා මර්දන එන්නත ලබාදීම ලබන සතියේ ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන ,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔවුන්ට ෆයිසර් එන්නත ලබාදීමට නියමිතය. .වයස අවුරුදු 15-19 අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට  (17) ඊයේ පැවති කොරෝනා මර්දන කාර්‍ය සාධක බලකා රැස්වීමේදී තීරණය කර බව අමාත්‍යවරයා පැවසුවේය.

එන්නත් ලබාදීම රෝහල් වලදී වෛද්‍යවරයෙකුගේ පරීක්ෂා කිරීමෙන් පසුව සිදු කිරීමට නියමිතය. ලබන සතියේ එන්තත් ලැබීමට නියමිත අතර එන්නත් ලැබුණු විගස එන්නත් කිරීම සිදුකරන බව වැඩිදුරටත් පැවසීය.