Spread the love

වයස අවුරුදු 12 වැඩි නිදන්ගත රෝග සහිත දරුවන් එන්නත් කිරීම (24) අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව දරුවන් සදහා ෆයිසර් එන්නත ලබාදීමට නියමිතයි.කොළඹ ,කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් එන්නත් කිරීම ආරම්භ වන බව පැවසීය.

කුරුණෑගල ශික්ෂණ රෝහල,අනුරාධපුර ශික්ෂණ රෝහල සහ රිච්වේ ආර්‍යා ළමා රෝහල යන රෝහල් වලදී එන්නත් කිරීම සිදුකරන අතර කායික හා ළමා රෝග විශේෂඥා වෛද්‍යවරුන්ගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ එන්නත් කිරීම සිදුවෙයි.

එම දරුවන් සදහා ප්‍රතිකාර කරනු ලබන විශේෂඥා වෛද්‍යවරයා විසින් එන්නත් කිරීම සදහා එම දරුවන් යෙදවීම සිදුකරන බව එහිදී පැවසීය.

බස්නාහිර පළාතේ වයස අවුරුදු 12-19 අතර සංකුලතා සහිත දරුවන් එන්නත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජී.විජේසූරිය මහතා පැවසීය.

රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ www.irh.health.gov.lk වෙබ් අඩවියට පිවිසිමෙන් ලියාපදිංචි විය හැකි බව පැවසීය.ලියාපදිංචි වීමෙන් පසුව එන්නත ලබා ගැනීම සදහා දිනයක් හා වේලාවක් ලැබෙන බව එහිදී සදහන් කළේය.

ඉදිරියේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වලද වැඩපිළිවෙළ ආරම්භ කරන බව වැඩිදුරටත් පැවසීය.