Spread the love

වසර කීපයක සිට රෝහල් 55 ක පුරප්පාඩුව පැවැති සුළු සේවා පාලක පත්වීම් 108ක් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

රෝහල් “ඕවසියර්” තුන්වැනි ශ්‍රේණියේ පත්වීම් ලෙස එය ප්‍රදානය කර තිබෙ.සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සුළු සේවක පාලක තනතුරු 348ක් පවතියි.

වසර ගණනාවක් තනතුරු 240 කින් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක විය.එම අඩුව පුරවමින් මෙම පත්වීම් 108 ලබාදුන් බව එම අමාත්‍යංශය සදහන් කරයි.

කණිෂ්ඨ කාර්යය මණ්ඩල පැමිණීමේ ලේඛණය පවත්වාගෙනයාම, අධීක්ෂණය, සේවක නිවාඩු හා අදාල කටයුතු, සේවා මුර පිළියෙල කිරිම, රාජකාරී අධීක්ෂණය, අදාල අංශ වෙත සුළු සේවකයින් ගැටළුවකින් තොරව යොමු කිරිම ඇතුලු සේවා වගකිම් රැසක් “ඔවසියර්” තනතුර විසින් සිදු කරනු ලබයි.