Spread the love

මෙවර ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය සඳහා සහාය නොදෙන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

අඛණ්ඩ වැඩ වර්ජන හෝ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග මේ මොහොතේ ක්‍රියාත්මක කිරීමට සැලසුමක් නැති එහි ලේකම් ධනංජය සිරිවර්ධන මහතා සඳහන් කරයි.

රජය මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහ වෙනත් ජාත්‍යන්තර ආයතන සමඟ ආර්ථික වැඩපිළිවෙළක සිටින නිසා ඊට බාධා වන ආකාරයේ කටයුතුවලට එක් නොවන බව හෙතෙම කියා සිටී.

මෙරට ආර්ථිකයේ ප්‍රධානම මර්මස්ථාන යක් ලෙස සැලකෙන ලංකා බැංකුව මේ මොහොතේ තවදුරටත් රටේ ආර්ථිකයට අගතිදායක කිරීමට දායක නොවන බවද හෙතෙම පැවසීය.