Spread the love

තීරු බදු රහිතව මෙරටට රැගෙන ආ භාණ්ඩ රැසක් සමගින් සැකකාරියන් තිදෙනකු ගුවන් තොටුපළ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

රැගෙන ආ උපකරණ අතර රත්‍රං ග්‍රෑම් 719 මිලිග්‍රෑම් 940ක් බර දම්වැල් 03ක්,ස්මාට් ජංගම දුරකථන 163ක්,වෙනත් ජංගම දුරකථන 695ක්,ජංගම දුරකථන චාජර් 414ක් සහ ජංගම දුරකථන බැටරි 810 තිබු බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35,40 සහ 48 වයස් වල පසුවන ගිරිඋල්ල,මාරවිල සහ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි කාරියන්ය.

වැඩිදුර විමර්ශන සදහා සැකකාරියන් සහ නීති විරෝධීව මෙරටට රැගෙනා භාණ්ඩ ශ්‍රී ලංකා රේගුව වෙත භාරදුන් බව ගුවන් තොටුපළ පොලිසිය වැඩිදුරටත් පවසයි.