Spread the love

දුම්රිය දෙපාර්තමේන්තුවේ, රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයේ, දුම්රිය ගණකාධිකාරී (යාන්ත්‍රික) අංශයේ නිලධාරීන් දෙදෙනකු රුපියල් ලක්ෂ ගණනක රජයේ මුදල් අවභාවිතා කර ඇති බැවින් දුම්රිය බලධාරීන් අදාල නිලධාරීන් ට විරුද්ධව වහාම විනය පියවර ගන්නා ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම් කරු එස්.පී.විතාන ගේ මහතා පවසයි.

මෙවැනි විෂමාචාරයන් දැනගැනීමට ලැබුනු පළමු මොහොතේදීම, ආයතන සංග්‍රහයේ ඞඛඪෂෂෂ වන පරිච්ඡේදයේ 31 : 5, 31 : 5 .1 සහ 31 : 5 : 2 අනුව, මූලික විමර්ශනයක් පැවැත්වීමකින් තොරව වුවද, රජයේ නිලධාරියෙකුගේ රාජකාරී වැඩ තහනම් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ආයතන ප්‍රධානියා සතුව තිබියදීත්, අදාල දුම්රිය බලධාරීන් එසේ කර නැත. මෙය රාජ්‍ය සේවකයෙකු සේවයෙන් පහකිරීමට තරම් බරපතල ගණයේ සැලකෙන වරදක් වුවද, ඇතැම් වංචනික ඉහල දුම්රිය නිලධාරීන් හා උප දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙම සිද්ධිය යටපත් කොට, සිද්ධියට අදාල නිලධාරින් දෙදෙනා ආසන්නම කාර්යාලයකට“ සේවා අවශ්‍යතාව මත තාවකාලිකව ” ස්ථාන මාරු කර, සිද්ධිය යටගැසීමට කටයුතු කරමින් සිටින බවද අවධාරණය කරමු.
දුම්රිය පරිපාලනයේ හා කළමනාකරණයේ අදූරදර්ශී බව හේතුකොට ගෙන, නිවැරදිව හා කාර්යක්‍ෂමව රාජකාරි ඉටුකරන සේවකයින් පවා දෝෂ දර්ශනයට ලක්වන තත්වයක් හමුවේ මෙවැනි සිද්ධී රාජ්‍ය සේවයට නරක පූර්වාදර්ශයක් බව පෙන්වා දෙන අතර, ආයතන සංග්‍රහය,විනය නීති සංග්‍රය හෝ මුදල් රෙගුලාසි යන කිසිවක් පිළිබඳව දුම්රිය කළමනාකරණය තැකීමක් නොකරන බවද පෙන්වා දෙමු.
ඉතාම කුඩා සිද්ධියකදී වුවද මූලික විමර්ශනයක්වත් නොපවත්වා පහල දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම් කරන බලධාරීන්, ලක්‍ෂ ගණනින් සිදු කරන මූල්‍ය වංචා පිළිබඳ අනුගමනය කරන පිළිවෙත දුම්රිය සේවයත්, රාජය සේවයත් අවමානයට ලක් කිරීමක් වන බවද පෙන්වා දෙමු.
රාජ්‍ය ආයතනයක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය, බරපතල ලෙසම පරිහානියට පත්කිරීමට ඇතැම් ඉහල දුම්රිය නිලධාරීන් කටයුතු කරන බව අවධාරණයෙන් පෙන්වා දෙන අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විනය පියවර ගන්නා ලෙස
ද කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි සිද්ධින් පිළිබඳව විීධිමත් පරිදි කටයුතු නොකරන යම් නිලධාරීයෙක් වේනම්, ඔවුන් වංචනිකයන් හෝ වංචාවලට අනුබල දෙන නිලධාරීන් බව අවධාරණය කර සිටිමු. මෙම සිද්ධියට අදාල විමර්ශනයක් සිදු කිරීමේදී දුම්රිය සේවයේ රාජකාරී කරන කිසිදු නිලධාරියෙකු නොයොදන ලෙස ද දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා සිටි.