දශක 05 කට පසු රත්මලාන ගුවන් තොටුපළෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරිමට සුදානම් වෙයි. ඒ අනුව ලබන මස මැද වන විට රත්මලාන ගුවන් තොටුපළේ සිට පළමු කාලසටහන්ගත ගුවන් යානය මාලදිවයින දක්වා ගමන් කිරීමට නියමිතයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ සහ ගුවන් තොටුපළ සංවර්ධන හා අපනයන සැකසුම් කළාප රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මකයි.
රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රධාන කේෂ්ත්‍ර 05ක් ඔස්සේ සංවර්ධනය කිරීමට සැලසුම් කෙරිණි. දේශීය ගුවන්සේවා
කේන්ද්‍රස්ථානයක්, විනෝදාස්වාද ගුවන්ගමන් මධ්‍යස්ථානයක්, ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් එය සංවර්ධනය කිරිමට නියමිතය. මීට අමතරව ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්, පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා ගුවන් යානා ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමටත් මේ යටතේ කටයුතු කෙරෙනු ඇත.
