පාර්ලිමේන්තුව නියොජනය කරන හා නොකරන සියලු පක්ෂ හා දේශපාලන කෟනඩායම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කිරීම සඳහා සියලු පියවර ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් හා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (27) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ අවස්ථාවට
සහභාගි වෙමිනි. මෙම සම්මුඛ පරීක්ෂණ කටයුතු කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විනි.
එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, හා ශාන් විජේලාල් ද සිල්වා යන මහත්වරු ද සහභාගි වී සිටියහ.
එහිදී මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්බන්ධව කරුණු විමසූහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන විශාලම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ වගේම සමස්ත ශ්‍රී ලංකාව පුරාම විහිදී ගිය සංවිධාන ජාලයක් අපිට තිබෙනවා.ඒක උතුර, දකුණ නැගෙනහිර, බටහිර හා වයඹ වශයෙන් කොයි පළාතකට ගියත් දකින්නට පුලුවන්.
එක්සත් ජනතා නිදහස් සන්ධානය අපේ රටේ ශක්තිමත් දේශපාලන බලවේගය බවට පත් කිරීමට අපි කටයුතු කරනවා . ලබන මස 11 වන දින වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂ අපි සමග එක්වෙනවා. ඒ අනුව ඉදිරි දිනයක දී අපි තවත් සුළු පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා කරනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංවිධාන කටයුතු අපි කිසිම අඩුපාඩුවකින් තොරව සිදු කරගෙන යනවා. ඒ වගේම අපේ සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි ශක්තිමත් කරනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා එක්වෙන කිසිදු දේශපාලන බලවේගයක් අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මැතිවරණයක් ජය ගැනීමට නම් සියලු පක්ෂවල සහයෝගය ලබා ගත යුතුයි. එසේ නොමැතිව කිසිදු පක්ෂයකට වර්තමාන දේශපාලන ධාරාව තුළ තනිව තරග කොට ජය ලැබිය නොහැකි බව ඔප්පු වී තිබෙනවා. හැමදාම ආණ්ඩු පිහිටුවලා තියෙන්නේ සන්ධානගත වීමෙන් ම පමණයි. විශේෂයෙන් වමේ ආණ්ඩු ලෙස සැළකෙන රජයන් පත් වූයේ සන්ධාන මගින්.
වත්මන් ආණ්ඩුව කඩාකප්පල් කරන්න අපේ කිසිම අදහසක් නෑ. ඒ නිසා සමහරු අපිට නගන චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ වෙනත් වරප්‍රසාද දීලා කඩා ගන්න අපේ තීරණයක් ගෙන නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය වත්මන් රජයේ ප්‍රබල සහයෝගයක් ලබා දෙන පක්ෂයක්. අපි කණ්ඩායමක් වශයෙන් ඊට සහයෝගය දක්වනවා.
නමුත් දේශපාලන බලවේගයක් වශයෙන් අපේ එක්සත් ජනතා නිදහස් ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙළට සහාය දක්වන කවර පක්ෂයකට වුවත් අපිත් එක්ක එක්වෙන්න පුළුවන්. ආණ්ඩුවේ පක්ෂ වෙන්න පුළුවන්. ඊට පරිබාහිරව තියෙන පක්ෂ වෙන්න පුලුවන්. විපක්ෂයේ පක්ෂ වුනත් අපිත් එක්ක එක්විය හැකියි. නමුත් ඒ සියල්ලම එක්ක අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් කටයුතු කරන්න අපි සූදානම් යැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
