Spread the love

ධීවර වරායන් 22 තුලින් වැඩිම ලාභයක් ලබන ධීවර වරායක් ලෙස බේරුවල ධීවර වරාය හැදින්විය හැකි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

, පසුගිය වසරේ මෙම ධීවර වරායෙන් ලැබූ ලාභය කෝටි 3.5 කට අධික බවත්, එයින් 50% වැඩි ප්‍රමාණයක් යොදා එම වරාය සංවර්ධන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය. බේරුවල ධීවර වරාය ලාභ ලබා ගන්නා වරායන් අතරින් ඉහල වරායක් වුවද පසුගිය වසර 04 ක කාලය තුළ කිසිදු සංවර්ධනයක් සිදුවී නොමැති බවද පැවසූ අමාත්‍යවරයා මෙම ධීවර වරායෙන් ප්‍රදේශයේ ධීවර ප්‍රඡාවට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතු බවද වැඩිදුරටත් පැවසීය.
මෙහිදී වරාය කළමනාකාරිත්වය මගින් වරාය සංවර්ධනය කළ යුතු අංශ පිළිබඳ වාර්තාවක් අමාත්‍යවරයාට ඉදිරිපත් කළ අතර එහි ප්‍රධාන වශයෙන් සඳහන් කර තිබුනේ වරාය ඉදිරිපිට නව මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයක් ඉදිකර එය ප්‍රදේශයේ මත්ස්‍ය වෙළඳුන්ට කුලියට ලබා දෙන ලෙසය. එම වෙළෙඳ පොළ ද කඩිනමින් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත්, මෙම වරායේ ඉඩම් කට්ටි 17ක් හා අයිස් ශීතාගාරය ඉතා අඩු මිලකට පසුගිය කාලයේ බදු දී ඇති බවත්, එම බදු ගිවිසුම්
අහෝසි කොට වර්තමානයේ තක්සේරු මිල ගණන් යටතේ බදු දීමට කටයුතු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම සංචාරයේදී බේරුවල මරදාන ධීවර වරාය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එහි සංවර්ධන කටයුතුද කඩිනමින් අවසන් කර ප්‍රදේශයේ ධීවර ප්‍රජාවට මුහුදු යාමට අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුණි.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර වරාය සංස්ථාවේ සාමාන්‍යාධිකාරි මුදලිගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.