Spread the love

රජයට අයත් කිරි නිෂ්පාදන සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගම ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් කඩිනමින් අරඹන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගමේ ඉහළ කළමණාකාරිත්වයට උපදෙස් දෙයි

මිල්කෝ පුද්ගලික සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව වැඩ පිළිවෙළක් සැකසීම පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

විශේෂයෙන් එම සමාගම විසින් මෙම වසරේ උපයා ඇති ආදායම සම්බන්ධව අමාත්‍යවරයා මෙහිදී ඉහළ කළමනාකාරිත්වයෙන් කරුණු විමසනු ලැබීය.

2021 වසරේ දී මිල්කෝ සමාගම කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් ලබන ලද ආදායම රුපියල් මිලියන 8,052කි. නමුත් 2022 වසරේ ජනවාරි මාසයේ සිට අගොස්තු මාසය දක්වා යම් රටේ යම් ආර්ථික පසුබැස්මක් තිබුනත් පසුගිය වසරරේ ඇතැම් මාසවලට සාපෙක්ෂව 2022 වසරේ දී ඇතැම් මාසවල ඉහළ ආදායමක් ඉපයීමට එම සමාගමට හැකි වී තිබේ.

මෙම වසරේ අගොස්තු මාසය වනවිට මිල්කෝ සමාගම රුපියල් මිලියන 7774ක ආදායමක් ඉපයීමට හැකි වී තිබේ. මෙම වසර අවසාන වන විට අඩු තරමින් රුපියල් මිලියන 8,500 ඉක්මවූ ආදායමක් ඉපයීමට හැකි වෙතැයි එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වය අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. මෙම වසරේ ජූලි මාසයෙන් පසු සෑම මාසයකම රුපියල් මිලියන 20-30 අතර මට්ටමින් ලාබ ඉපයීම විශේෂත්වයකි.

මිල්කෝ සමාගම විසින් මෙම වසරේ දී නිපදවන ලද කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසකි. විශේෂයෙන් පැස්ටරීකරණයට ලක් කළ දියර කිරි ලීටර් 2,945,329ක්, යෝගට් ලීටර් 4,875,602ක්, මුදවපු කිරි ලීටර් 889,216ක්,  අයිස්ක්‍රීම් ලීටර් 3,546,409ක්, එළඟිතෙල් කිලෝග්‍රෑම් 36,906ක්, ද වශයෙන් නිදපවා ඇත.

එමෙන්ම  චීස් කිලෝ ග්‍රෑම් 12,648ක්, බටර් කිලෝග්‍රෑම් 173,897ක්, කිරිපිටි කිලෝ ග්‍රෑම් 1,290,622ක් හා වශයෙන් නිපදවා ඇත.

දැ