Spread the love

ගෑස් මෙට්‍රික් ටොන් 3500 රැගත් නෞකාවක් අද(04) දිවයිනට සේන්දු වන බව ලාෆ් ගෑස් සමාගම පවසයි.එම ගෑස් තොගය සදුදා(06) සිට බස්නාහිර පළාතේ බෙදා හැරීමට නියමිතයි.

මේ අතර හෙට (05) දිනයේ ගෑස් මෙට්ට්‍රික්ටොන් 2500 රැගත් නෞකාවක් දිවයිනට සේන්දු වීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.ඉන් අනතුරුව යළි ගෑස් බෙදා හැරීමට නියමිතයි.

ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් අද සහ හෙට සිදු නොකරන බව ලිට්රෝ සමාගම සදහන් කරයි.ඒ හේතුවෙන් ගෘහස්ථ ගෑස් ලබා ගැනීම සදහා පෝලිම් වල සිටීමෙන් වලකින ලෙස දැනුම් දෙයි.

මේ අතර ගෑස් වෙළද සැල් ඉදිරිපිට ගෑස් ලබා ගැනීම සදහා නාගරික ප්‍රදේශ වල ජනතාව පෝලිම් වල තවදුරටත් රැදීසිටි.