Spread the love

රටේ ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පත්ව ඇති ආර්ථික තත්ත්වය හේතුවෙන් ණය වාරික ගෙවීම අද(10) සිට නතර කරන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා පවසයි.

 ඩීසල් මිල හා පෙට්‍රල් මිල ඉහළ ගොස් තිබෙන මෙවැනි තත්ත්වයක දී ලීසිං හෝ ණය ගෙවීමට හැකියාවක් නොමැති බවත් ඒ සඳහා සහනයක් ඉල්ලා කරුණු පහක් සහිතව ලිපියක් ලීසිං හා බැංකු වෙත යවන බවත් ඒ සඳහා එකඟතාවක් ලැබෙන තෙක් මෙම ගෙවීම් නතර කරන බව ඔහු පවසයි.