Spread the love

ලෝක බිත්තර දිනයට සමගාමීව ගැබිණි මව්වරුන් 500කට හෙට පෙරවරු 10,00ට අඟුණකොළපැලැස්ස පුරහලේ දී පෝෂ්‍යදායී ආහාර මල්ලක් බැගින් ලබා දීමට කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කොට ඇත..

ලෝක බිත්තර දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 14 දිනට යෙදී තිබේ. 1996 දී වියෙනා නුවර දී පළමු වරට බිත්තර සම්බන්ධව ජාත්‍යන්තර දිනයක් වෙන් කළ
යුතුයැයි IEC – International Egg Conference හි දී තීරණය කරනු ලැබීය.
එතැන් පටන් සෑම වසරකම සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දී ලෝක බිත්තර දිනය අනෙකුත් බොහෝ රටවල් සමරනු ලැබුවත් ශ්‍රී ලංකාවේ කිසිදු අවස්ථාවක
මෙම දිනය සැමරීම සඳහා වැඩ සටහන් සංවිධානය කර නැත.
ඒ නිසා බොහෝ දෙනෙක් බිත්තර සම්බන්ධව අන්තර් ජාතික දිනයක් වෙන් කර ඇතැයි යන්න ද නොදනී.
කෙසේ වුවද බිත්තර යනු අඩු මුදලකට උපරිම පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාරයකි.
බිත්තර යනු සෙලෙනියම්, විටමින් A, D, K, B6, සහ B12; and ඛනිජ වන zinc, iron, and copper වලින් යුත් පෝෂ්‍යදායී ආහාරයකි. වැදගත්ම දෙය වන්නේ පුද්ගල මතකය
වර්ධනය කරන choline නැමැති රසායනිකය බිත්තරවල අන්තර්ගත වීමයි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය මිලියන 1000 – 2000 අතර පවතී. මේ වනවිට අපේ රටේ වාර්ෂික ඒක පුද්ගල බිත්තර පරිභෝජනය බිත්තර 174ක්
පමණ වේ.
එහෙත් පසුගිය 2021/22 මහ කන්නයේ දී රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බඩඉරිඟු හා සෝයා වගාව අඩපණ වූ බැවින් මේ වනවිට
බිත්තර නිෂ්පාදනය හා කුකුළු මස් නිෂ්පාදනය දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ.
මෙම වසරේ ජුලි මාසය වන විට මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 164ක් හා කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18ක් දක්වා අවම වී තිබේ. නමුත් මෙම වසරේ අප්‍රේල් මාසයේ දී මෙරට කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 21ක් හා බිත්තර නිෂ්පාදනය මිලියන 220ක් දක්වාත් ඉහළ මට්ටමක පැවැතිනි.
2021 අපේ රටේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය මිලියන 2,934ක් වුවද , 2022 සත්ව ආහාර හිඟය නිසා බිත්තර නිෂ්පාදනය මිලියන 1,963ක් දක්වා සියයට
34කින් අවම විය.
කෙසේ වුවද අපි තවමත් බිත්තර හා කුකුළුමස් නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත තත්ත්වයක පවතී.