Spread the love

බස් රථයක් තිරික්කල 05ක ගැටීමෙන් අද දහවල් අනතුරක් සිදුවී තිබෙනවා .

තන්තිරිමලේ වැව් බැම්ම මතදී අනතුර සිදුවී තිබෙනවා .

මන්නාරම සිට පුත්තලම ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගීවීමට යමින් සිටි පුද්ගලයින් පිරිසක් රැගත් බස් රථයක්, මඩු වන්දනාවේ යමින් තිබූ තිරික්කල් 05ක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන් .

අනතුරින් තිරික්කලවල ගමන් කරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු බරපතළ තුවාල ලැබුවා .

පොලීසිය සඳහන් කළේ ගවයින් 04 දෙනෙකුට ද අනතුරින් තුවාල සිදුවී ඇති බවයි .

බස් රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා .

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්