Spread the love

ඉන්දියාවේ සංචාරයක් සදහා ගොස් මෙරටට පැමිණි ශ්‍රී ලාංංකිකයින් පිරිසක් පරික්ෂා කිරිමේදී රුපියල් ලක්ෂ හතළිහක් වටිනා කහ ,එනසාල් ඇතුළු ඖෂධ වර්ග විශාල ප්‍රමානයක් ඹවුන්ගේ ගමන් මළුවල තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් ඖෂධ තොගයේ කහ කිලො 472ක්, , එනසාල් කිලෝ 352 ඇතුළු ඖෂධ විශාල ප්‍රමාණයක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 126 නැමැති ගුවන් යානයෙන් ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි මගීන් පරික්ෂා කිරීමේදී කෙටි සංචාරයන් සඳහා ඉන්දියාවට ගොස් නැවත පැමිණි මෙම මගීන්ගේ ගමන් මලු වල සඟවා තිබූ ආනයන සීමාවන් පනවා ඇති භාණ්ඩ කිහිපයක් සොයාගැනීමට ගුවන්තොටුපල රේගු නිලධාරීන් සමත්වී ඇත.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන පවත්වයි.