Spread the love

වන අලි පිළිබඳ සංගණනයක් වසර 11 කට පසු සිදු කිරිමට අවධානය යොමුව ඇතිබව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

මිට පෙර වන අලි පිළිබඳ සංගණනයක් සිදුකර ඇත්තේ 2011 වසරේදී බැවින් මෙම සංගණනය තුළින් මෙරට සිටින අලි සංඛ්‍යාව කොතෙක්ද යන්න තහවුරු කර ගත හැකිය.එමෙන්ම ඔවුන්ගේ ව්‍යාප්තිය,ගහන ඝණත්වය පිළිබඳ තොරතුරු ද ලබා ගත හැකි බව සදහන් කරයි.

මීට පෙර කළ සංගණනයේදි මෙරට වන අලි 5900 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු ලැබුණු බව වැඩිදුරටත් වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කරයි.