Spread the love



කොරෝනා එන්නත හා ඩෙංගු උවදුර ව්‍යාප්තවීම වැලැක්වීමට පාසල් මට්ටමින් නව වැඩපිළිවෙලක් අරඹන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
අදාල උවදුර ව්‍යාප්තවීම මැඩලීමට පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරනලෙස කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී උතුරු පළාතේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයාට අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
මෙම සාකච්ජාවේදී අදහස් දක්වමින් ඇතැම් අය කොරෝනා එන්නත් ලබාදීමෙන් දරුඵල ලැබීමේ ප්‍රතිශක්තිය හීනවන බවට සමහර අයගේ මතයක් තිබෙන බැවින් පාසල් ශීෂ්‍යාවන්ට එන්නත් ලබාදීමට දෙමාපියන් විරුද්ධවන බව පෙන්වා දුන්නේය .
එහිදී කිලිනොච්චි පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා මෙම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් එකක් බැවින් ජනතාව කිසිදු බියකින් තොරව එන්නත් ලබාගතයුතු බව පැවසීය.
තවද කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තවීම සීඝ්‍රයෙන් පැවතෙන බවත්,මෑත කාලයේ දි එම දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 39 දෙනකු හදුනාගත් බවත් වැඩිදුරටත් පැවසිය.
මේ අවස්ථාවේ අදහස් දැක්වු ධීවර අමාත්‍ය හා කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ඩග්ලස් දේවානන්දා මහතා කොරෝනා එන්නත සෑම දෙනාටම ලබාදීමට පාසල් ශීෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම වරයාට උපදෙස් ලබාදුන්නේය.
තවද ජනතාවගේ අවශ්‍යතාවයන් හා ප්‍රදේශයේ සංවර්ධනයට මුල්තැන ලබා දි වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්පත් කර ඇති ඉඩම් එළෙබෙන මාස 06 තුළ නිදහස් කිරීමටද හැකියාවක් තිබෙන බවද පැවසීය.