Spread the love

වී අලෙවි මණ්ඩලයේ වී කිලෝ 4000 ක තොගයක් නිසි ක්‍රියාමාර්ග නොගෙන විනාසවිම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරණ බවත්, අදාල නිලධාරීන්ට විරුද්ධව විනයානු කූලව පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .

ඇමතිවරයා මෙම අදහස් පළකලේ 2015 දී වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගන්නා ලද කිලෝ ග්‍රෑම් 4000ක් පමණ වී තොගයක් නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා විනාශ වෙමින් පවතින බවට ඊයේ (05) සියලුම මාධ්‍ය ඔස්සේ පළවීමෙන් පසුවය.

මෙම තොරතුරු ලද සැනින් ක්‍රියාත්මක වූ මහතා ඊයේ පස්වරුවේ ම වහාම ඒ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, අදාල වගකිව යුතු නිලධාරින් සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා ලෙසත් වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාට උපදෙස් දුන්නේය.

ඒ අනුව අදි දින (06) තුළ වහාම ඒ සම්බන්ධව වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස සභාපතිවරයා අම්පාර ප්‍රාදේශීය කළමනාකාරවරයාට උපදෙස් දී ඇත. මෙම ගබඩාවේ අබිලි බවට පත්ව තිබෙන වී තොගය අම්පාරට අයත් වී තොගයක් බවත්, 2020 දී වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා තුළ තිබෙන සියලු පැරණි වී තොග සත්ව ආහාර සඳහා හෝ අලෙවි කිරීමට පියවර ගන්නා ලෙසත් වී අලෙවි මණ්ඩලය විසින් සියලුම ප්‍රාදේශීය කළමනාකරුවන්ට උපදෙස් දී තිබුනි.

එසේ තිබිය දී අරළගංවිල ගබඩාවක 2015 වසරේ දී මිල දී ගන්නා ලද කිලෝග්‍රෑම් 4000ක පමණ වී තොගයක් තවමත් නිසි පියවර නොගෙන රඳවාගෙන පවතින්නේ නම් ඊට අදාල ප්‍රාදේශීය කළමනාකරුවන් වගා කිව යුතුය.
රාජ්‍ය සේවකයෙක් නොසැළකිළිමත්භාවය හා අනවධානය නිසා රජයට හා රටට මුල්‍යමය පාඩුවක් සිදූ කරන්නේ නම් ඔහු තවදුරටත් රාජ්‍ය සේවයට ගැළපෙන්නේ නැත.

එමනිසා මෙම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගැනීමට කටයුතු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

ඒ අනුව අද දින අදාල වාර්තාව ලද පසු විමර්ශන කටයුතු අවසන් වන තෙක් මෙම නිලධාරින් අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධයෙන් අද දවස තුළ තීරණයක් ගන්නා බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පැවසීය.

එමෙන්ම දිවයින පුරා ඇති සියලුම වී ගබඩා පරීක්ෂා කර එම ගබඩාවල තවමත් පැරණි වී තොග ඇත්දැයි සොයා බලා තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.