මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කොට ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙන්ම ව්‍යාපාරික ජෙට් යානා ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීම සදහා සහන රැසක් ලබා දී තිබේ. ගුවන් තොටුපළ අපනයන බද්ද වන ඇමෙරිකානු ඩොලර් 60 ක මුදල වසර දෙකක් සදහා ලබා ගැනීම අත්හිටුවා ඇති අතර ගොඩබෑමේ හා නැවතුම් ගාස්තු වලින් ද ගුවන් සමාගම් නිදහස් කර තිබේ. ඉතා ධනවත් ව්‍යාපාරික පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම මගින් ව්‍යාපාරික ජෙට් යානා ගෙන්වා ගැනීම සදහා ද සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇතැයි ඇමතිවරයා කියයි.
සංචාරකයන්ගේ පහසුව සදහා තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති අතර සන්නිවේදන සේවා හා බැංකු කවුන්ටර් පවත්වාගෙන යාම සදහා ද මේ වන විට අවසර දි තිබේ.
දැනටමත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළට මාලදිවයින, කටාර්, එයාර් ඒෂියා යන ගුවන් සේවා සෘජු ගුවන් ගමන් සිදුකරයි. තවත් ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් ම ලබන වසරේ දි මත්තල නව ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබේ.
ඔවුන් සමග මේ වන විට සාකච්ඡා සිදු කෙරෙන බව ඇමතිවරයා කියයි. සලාම් එයාර් ගුවන් සමාගම සිය භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එමිරේට්ස් ගුවන් සමාගම ද ඉතා නුදුරේ දිම සිය භාණ්ඩ මෙහෙයුම් මත්තල ගුවන් තොටුපළ තුළ ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. මිට අමතරය මුහුදු නාවික කාර්යය මණ්ඩල මාරු විම සදහා කේන්ද්‍රස්ථානයක් ලෙස ද මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීමට පියවර ගෙන තිබේ.