ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති රැසක ප්‍රගතිය සොයා බැලීම සදහා සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කයේ ඊයේ නිරිික්ෂණ චාරිකාවක නිරත වුහ.
එහිදී ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මඟපෙන්වීම යටතේ මහාමාර්ග අමාත්‍යශය යටතේ ඉදිවන කි. මී. 32ක් දිගින් යුත් තිරියාය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු , ඇමති චමල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මොරවැව සංවර්ධන ව්‍යාපෘති ය,රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතාගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හරහා කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවත්චෝලි ගම්මානයේ ඉදිවන නව නිවාස ව්‍යාපෘතිය ,රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හරහා ඉදිකළ ගල්කඩවල සීලරත්න දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගනය නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ නිරිීක්ෂණයට ලක්වුහ.

මීට අමතරව ත්‍රිකුණාමලය නාවික තටාංගන පරිශ්‍රයේ ඉදිවන Dockyard Quay ජැටිය නිරීක්ෂණයට ලක්වූ අතර රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමාත්‍යංශය හරහා සංවර්ධන කළ වෙල්ලමනල් වොලිබෝල් ක්‍රීඩාංගනය , සේරුනුවර දිවා රාත්‍රී අත්පන්දු ක්‍රීඩාංගනය , කුච්චවේලි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ නාවත් චොලෛ ගම්මානයේ ඉදිකළ දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගනය , සේරුවිල දිවා රාත්‍රී අත්පන්දු ක්‍රීඩාංගනය සහ කන්තලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ, ලීලාරත්න වොලිබෝල් ක්‍රීඩාංගනය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාත අයිතියට පත්කරන ලදි .
එමෙන්ම කන්තලේ අග්රබෝධි ජාතික පාසල් ක්‍රීඩාංගනය සහ ක්‍රීඩා පහසුකම් නිරීක්ෂණයට ලක්වු අතර ,සේරුවිල ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් හිමිකම් ප්‍රදානයද,එමෙන්ම කන්තලේ ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙම අවස්ථා සඳහා රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරළ යන මහත්වරුන් ද, ප්‍රදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවුහ.
