Spread the love

මධ්‍යම කඳුකරයට ඇද හැලෙනඅධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කර ඇත. ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට දින කීපයක සිට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු පහෙන් දෙකක් මෙසේ විවෘත කිරීමට පියවර ගත් බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

වාන් දොරටු ඇරිම හේතුවෙන් ජලා්ශයේ පහළ ප්‍රදේශවල සිටිනා ජනතාවට කොත්මලේ ඔයේ ජලය පරිහරණය කිරීමේදී අවධානයෙන් සිටිය යුතුවෙයි