අද අපගේ ආලින්දය සරසන්නේ ”වාසනා ඩාන්සිං ගෲප් ”නර්තන කණ්ඩායමයි.
අප සමග සුහද පිළිසදරක යෙදෙන්නේ කණ්ඩායම් නායිකා වාසනා ලක්ෂාණී.

ඔබගේ නම සහ ගම
මම වාසනා ලක්ෂාණි සමරතුංග ගම මාලඹේ

ඉගෙන ගත් පාසල
මගේ පාසල නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයයි.
මම පාසල් කාලයේ කැපී පෙනෙන චරිතයක් වුණා.

නර්තනයට පිවිසි මඟ හා ගුරු භවතුන්
කුඩා කාලයේ සිටම නර්තනයට ගොඩක් ම කැමතියි.මගේ මුල්ම නර්තන ගුරුවරුන් වන්නේ ප්‍රවීන නර්තන ශිල්පීන් වන කුලසිරි බුදවත්ත ගුරු පියාණන් සහ මහාචාර්ය මුදියන්සේ දිසානායක ගුරු පියාණන්ය.එතනින් මගේ ගමන ආරම්භ කළා.

නර්තන කණ්ඩායම හා සාමාජිකයන්
2016 වර්ෂයේ ආරම්භ කළ ”වාසනා ඩාන්සින් ගෘෘප් ”මගේ නර්තන කණ්ඩායමට වෘත්තීයමය නර්තන ශිල්පිනියන් දස දෙනෙක් ඇතුළත්. අමරතව වෙස් නර්තන ශිල්පීන් සහ බෙර වාදන ශිල්පීන්ද මා සමග සිටිනවා.

නර්තන කණ්ඩායම සහභාගිවන අවස්ථා
විවාහ මංගල උත්සව සදහා ප්‍රධාන වශයෙන් සහභාගි වනවා. ආයතනික උත්සව ,උපන්දින සාද,වැනි උත්සව අවස්ථාවන් සදහා නර්තනයෙන් සහභාගිවෙනවා.

මේ දිනවල උත්සව වලට සහභාගිවීම ආරක්ෂිතද ?
මේ දවස්වල පවතින වසංගත තත්ත්වයට අප මුහුණ දිය යුතුයි.රට යහපත් තත්ත්වයට පත්වන තුරු බලන් ඉන්නවා.විවාහ මංගල උත්සව සදහා අවසර ලැබී තිබෙන නිසා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව උත්සව සදහා සහභාගි වෙනවා.

ඔබගේ නර්තන කණ්ඩායමේ සේවය ලබාගැනීමට සම්බන්ධ වන්නේ කෙසේද?
මාලඹේ මගේ නිවසට පැමිණ ඕනෑම වෙලාවක හමුවිය හැකියි.”වාසනා ඩාන්සින් ගෲප් ” මගේ ෆේස්බුක් පේජ් එක ඉන්ට්‍රග්‍රෑම් යු ටියුබ් ඔස්සේ සම්බන්ධ විය හැකියි

අනාගත බලාපොරොත්තු
බලාපොරොත්තු නම් ගොඩක් තිබෙනවා.ලංකාවේ තිබෙන ප්‍රවීණ නර්තන කණ්ඩායම් අතර ට වාසනා ඩාන්සින් ගෲප් නාමය එක් කිරිම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව හා එකම පැතුම

නුදුරේදීම ඔබේ බලාපොරොත්තු මල්පැලගැන්වේවායි අපිද පතන්නෙමු.
-Nimal Rajapaksha –
0777 305 751
srirajnews@gmail.com