Spread the love

වාහන ලියාපදිංචි කිරීමේ දී එහි අංක තහඩුව සඳහා සංශෝධනයක් නිකුත් වී තිබෙනවා.

ඒ අනුව නව, වාහන ලියාපදිංචි කිරීම්වල දී එහි අංක තහඩුව තුළ පළාත් සඳහන් කිරීමක් සිදු නො වන බව සඳහන්.

මෙතෙක් පැවති ක්‍රමය යටතේ අදාළ වාහනය ලියාපදිංචි කර කෙරුණු පළාත ඉංගිරිසි අක්ෂර දෙකකින් දක්වා තිබුණා.

මෙම සංශෝධනය 2023 ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන බව යි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.