සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ යටතේ කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව පිහිටුවන ලබන නවීන පී.සී.ආර් පරීක්ෂණාගාරයේ
පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක් සිදු කිරිමට නියමිතය .එම පී.සී.ආර් පරීක්ෂණාගාරය මේ මස 20 වැනි දින විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එම පරීක්ෂණාගාරය නිරීක්ෂණය කිරීම සඳහා අද(14) පෙරවරුවේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහභාගී වූ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම මෙමඟින් සිදුකෙරේ.
ඒ අනුව ගුවන්තොටුපළ ආශ්‍රිතව ඉදි කෙරුණු පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව නෙගටිව් වන, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ නැරඹුම් ස්ථාන කරා යා හැකිය.
පී.සී.ආර් පරීක්ෂණාගාරය නිරීක්ෂණයට එක් වූ අමාත්‍යවරයා එහිදී මෙසේ පැවසීය,මේ පරීක්ෂණාගාරය අපි ලබන 20දා විවෘත කරනවා. සමාගමක් මෙහි ආයෝජනය කර
තිබුණත් පරීක්ෂණාගාරයේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ ගුවන් සේවා සහ ගුවන්තොටුපල සමාගමටයි. වසර දෙකක කළමණාකරන ගිවිසුමක් යටතේ පරික්ෂණාගාරය ක්‍රියාත්මක වෙනවා. මේ පරීක්ෂණාගාරය සංචාරකයින්ගෙන් මුදල් අය කරලා පී.සී.ආර් කරන්නෙ. ඩොලර් 40 ක මුදලක් අය කරන්න නියමිතයි. පහුගිය කාලේ අපි යුක්‍රේනයට ගියා. යුක්රේනයේ ඩොලර් අනූවක් පී.සී.ආර් පරීක්ෂණයකට අය කරනවා. යුරෝපයේ ඩොලර් 60 ක් අය කරනවා.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී අවශ්‍ය නම් ශ්‍රී ලාංකිකයින් කැමතිනම් යම් මුදලක් නියම කරලා මේ පරීක්ෂණාගාරයෙන් පී.සී.ආර් කරගන්න අවස්ථාව හදන්න පුළුවන්.
