Spread the love

මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අය කරන බස් රථ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේ මාර්ගවල අද සිට ක්‍රියාත්මක වනවා.

බස් ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය නොකොට මගින්ගෙන් වැඩිපුර ගාස්තු අයකරන බවට චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවසුවේ බස් ගාස්තු ලේඛනය මගීන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීමට අනිවාර්ය බවයි.

ඉන්ධන මිල අඩු කිරීමත් සමග පසුගිය 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිද බස් ගාස්තු සංශෝධනය කෙරුණා.