Spread the love

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇති නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මතවී ඇත.

යෝජනාවට පක්ෂව ඡන්ද 20 ක් හා විපක්ෂව ඡන්ද 7 ක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ. සාමාජික රටවල් 20ක් අදාළ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටී.

එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් රටවල් අතරට ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, දකුණු කොරියාව, යුක්‍රේනය ද ඇතුළත්

බොලීවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්ථානය, උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කොට තිබිණ.

ඡන්ද විමසීමේදී ඉන්දියාව, ජපානය, බ්‍රසීලය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 20ක් සිය මතය පළ කිරීමෙන් වැළකී සිටි.