Spread the love

ඇඹිලිපිටිය ගඟේ යාය ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ඉන්ධන ළඟ තබා ගනිමින් වැඩි මිලට අලවි කළ කාන්තාවන් දෙදෙනෙකු ඉන්ධන සමඟ අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.

පෙට්‍රල් ලීටර් 42 මිලි ලීටර් 750,ඩීසල් ලීටර් 28 මිලි ලීටර් 500 සහ භූමි තෙල් ලීටර් 242 පොලිස් භාරයට ගෙන තිබේ.අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52 සහ 65 වයස් වල පසුවන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකි.

සැකකරුවන් (07) අද ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.