Spread the love

උස්සව සමයේ පරිභෝජනයට නුසුදුසු සහ අධික මිලට භාණ්ඩ අලවි කරන වෙළදුන් සොයා දීපව්‍යාප්ත විශේෂ වැටලීම් ආරම්භ කර ඇතිබව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඉදිරි උත්සව සමයේදී සහනදායි මිලට සතොස මගින් සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීමට පියවර ගෙන ඇතිබව වෙළද අමාත්‍යංශය පවසයි.

ඒ අනුව රුපියල් සියයට අඩුවෙන් නාඩු සහ කැකුළු සහල් මිලදී ගැනීමට හැකිය.සතොස වෙළෙඳසලක් නොමැති ප්‍රදේශවල ජනතාවට 1998 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීමේ හැකියාව ඇතිබව එම අමාත්‍යංශය පවසයි.

පරිභෝජනයට නුසුදුසු හෝ නියමිත මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ විකුණන්නේනම් 1977 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.