මෙරට වැලි මාෆියාව තුරන් කොට ජනතාවට ගුණාත්මකභාවයෙන් යුතු මහවැලි ගඟේ වැලි ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා
පැවසීය
මේ සඳහා මඩකලපුව,ත්‍රිකුණාමලය හා පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල වැලි කැණීම් කටයුතු හා බෙදාහැරීම් තම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන GSMB Technical Services පුද්ගලික සමාගම මගින් සිදු කිරිමට තීරණය කොට ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ මේ රටේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන වැලි මාෆියාව වැලැක්වීම සදහාය. මන්ද මහවැලි ගඟේ බව පවසමින් මුහුදු වැලි කලවම් කර ජනාතවට ලබා දීමට මාෆියා කල්ලි ක්‍රියාත්මක වෙනවා. අඩු මිලකට ලබා දිය හැකි වැලි කියුබ් 03ක් සහිත ටිපරයක් විශාල මුදලකට අලෙවි කරනවා. එම නිසා සමුපකාර ක්‍රමවේදය ඹස්සේ වැලි කැණීම් හා බෙදාහැරීම සිදු කිරීමට GSMB තාක්ෂණික සේවා ආයතනය ඉදිරිපත්වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ පරිසර ගැටළු පිළිබඳ එම පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමග Zoom යෙදවුම මගින් සාකච්ඡාවක් කරමින් අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.
එතුමිය පෙන්වා දුන්නේ ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරින්ගේ ආශිර්වාදය ඇතිව කළපු ගොඩ කිරීම මෙන්ම කැළෑ එළි කිරීමද සිදුවන බවයි.
එමෙන්ම අනවසරයෙන් වැලි කැණීම් හා හා බෙදාහැරීම බරපතල ලෙස ඇතැම් පුද්ගලයින් බලපත්‍ර රහිතව සිදුකරන බව ද ඇය පෙන්වා දුන්නාය.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙම කාරණය සම්බන්ධව තමන් ජනාධීපතිතුමන්ට ද කරුණු පෙන්වා දුන් අතර මින් පෙර කිසි කළෙක සිදු නොකළ එතුම පරිදි විශේෂ කාර්ය බලකාය හා පොලිසීය යොදවා වහාම වැටලීම් කර වගකිවයුත්තන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දුන් බව ද අමාත්‍යවරයා කීය.
ඒ අනුව නැගෙනහිර පළාතේ පරිසරය විනාශ කරන පුද්ගලයින් තරාතිරම නොබළා අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය හා පොලිසිය දැනුම්වත් කරන බව අමාත්‍ය
මහින්ද අමරවීර මහතා කීය.
එමෙන්ම පරිසර අමාත්‍යාංශයේ හා මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ වැටලීම් ඒකක යොදා ගනිමින් හදිසි වැටලීම් සිදු කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැලි කැණීම් කටයුතු සඳහා නැගෙනහිර පළාතේ සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා අවස්ථාව ලබා දිය හැකි බවත් එමගින් එම පවුල්වලට දෛනික වැටුපක් ගෙවීම මගින්
අමකර ආදායමක් උපයා ගත හැකි අතර ඒ සඳහා ක්‍රමවේදයක් සකසන්නැයි අමාත්‍යවරයා ආණ්ඩුකාරතුමියට පෙන්වා දුන්නේය.
මේ අතර නැගෙනහිර පළාතේ සිදුවන නීතිවිරෝධී කළපු ගොඩකිරීම සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේය.
