Spread the love

විගමණික ප්‍රේෂණ ප්‍රවර්ධනය සදහා තවදුරටත් දිරිගැන්වීම් ලබාදීමට රජය තීරණය කර ඇතිබව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.ඒ අනුව විගමණික ශ්‍රමිකයන් මෙරටට ප්‍රේෂණය කරන අමෙරිකානු ඩොලරයකට දැනට ගෙවන රුපියල් 10 දිරිදීමනාව රුපියල් 38 දක්වා වැඩි කර තිබේ.

විගමණීක ශ්‍රමිකයන් ඇගයීම සහ ඔවුන්ගේ යැපෙන්නන් සහ පවුල්වල සාමාජිකයන්ට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබාදීම එහි අරමුණ වී තිබේ.

මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මුලාශ්‍රයක් ලෙස විදේශ රැකියා ක්‍ෂේත්‍රය හැඳින්විය හැකි බව එම කාර්‍යංශය සදහන් කරයි.

එමගින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 08 කට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලැබෙන බව වැඩිදුරටත් සදහන් කරයි.