Spread the love


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගත වූ විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්‍යල ශ්‍රවනාගාරයේදි ප්‍රධානය කෙරිණ.

ප්‍රතිලාභී දරුවන් 62 දෙදෙනෙකු සඳහා මෙම පාසල් උපකරණ ලබා දුන් අතර මේ එක් උපකරණ කට්ටලයක වටිනාකම රුපියල් 5000/-ක් වනු ඇත.

මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදේශ රැකියා දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරී බී.ඒ.ඩී.සී. නි‍රෝෂන් මහතා විසිනි.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකාර පී.එම්. රත්නසිංහ ආරච්චි මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.