Spread the love

විදුලි බිල වැඩිකිරීම පිළිබඳ යෝජනාව ලබන (06) සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනෑන්ඩු මහතා පැවසීය.

විදුලි බල මණ්ඩලය ලබන අසීමිත පාඩුව අවම කර ගැනීම එහි අරමුණ වී තිබේ.මේවන විට විදුලි බල මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 276ක් බව සභාපතිවරයා පැවසීය.

එහෙත් වාර්ෂික වියදම රුපියල් බිලියන 750ක් දක්වා ඉහළගොස් ඇතිබව එහිදී සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය