Spread the love

රාත්‍රියේ විදුලිය කැපීම අද (08) සිට අඩුකර හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග මහතා පැවසීය.

සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරය සදහා අවශ්‍ය දැවිතෙල් තොග ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව  පියවර ගෙන ඇතිබව පැවසීය.

ඒ හේතුවෙන් සවස 05.30 සිට රාත්‍රි 09.30 දක්වා පසුගිය දින දෙක තුළ ක්‍රියාත්මක කර විදුලි කප්පාදුව අවම කර ගැනීමට හැකි වනු ඇතිබව පැවසීය.