Spread the love

දිවයින පුරාඅද (27) සිට ජූලි 03 දක්වා දවල් කාලයේ සහ රාත්‍රී කාලයේ කොටස් 02ක් ලෙස  කලාප අනුව විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

උදෑසන කාලයේදී විදුලි කප්පාදුව සිදුවුවහොත් මාර්ග ගත ක්‍රමයට පාසල් වල ඉගැන්වීම් කටයුතු සදහා සිදුවන බාධා සම්බන්ධයෙන් අවධානයක් ලබාදිය නොහැකි බව පැවසීය.

රටතුළ පවතින තත්වය හමුවේ විදුලි කප්පාදුව සිදුකිරීම සහ පාසල් අධ්‍යපන කටයුතු සිදුකිරීම යන කරුණු 02 සම්බන්ධයෙන් එක ලෙස ප්‍රමුඛතාව ලබාදිය නොහැකිි. මේ අතර අද සිට 03 වන දා දක්වා විදුලි කප්පාදුව පස්වරු 01.00 ආරම්භ වෙයි.A සිට L සහ P සිට W දක්වා කලාප සදහා දහවල් කාලයේ පැය 01යි විනාඩි 40 විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

රාත්‍රි කාලයේදී පැය 01යි විනාඩි 20 විදුලි කප්පාදුවක් සිදුකරන බව පැවසීය.මේ අතර CC කලාප සදහා ජූලි මස 02 සහ 03 හැර අනෙකුත් දින වලදී උදෑසන 06.00 සිට උදෑසන 08.00 දක්වා පැය 02 විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

M,N,O,X,Y,Z කලාප සදහා ජූලි මස 02 සහ 03 හැර සෙසු දිනවල පාන්දර 05.00 සිට පෙරවරු 08.00 දක්වා පැය 03 විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලි බල මණ්ඩලයට අවසර ලබාදුන් බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.