Spread the love

හෙට සහ අනිද්දා දිනයේදී ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේදී P,Q,R,S,T,U,V, W යන කාණ්ඩ සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා වන කාල සීමාවේදී පැය 03ක් ද, සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවසර ලබාදී ඇත.

මිට අමතරව E සහ F යන කාණ්ඩ දෙක සඳහා හෙට පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය 04ක කාලයක් ද, නැවතත් සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 03ක කාලයක් විදුලි කප්පාදු කිරීමක් සිදුකිරීමට අවසර ලබාදී ඇත.

එළඹෙන ඉරිදා දිනයේදී පෙරවරු 9.00 සිට සවස 4.30 දක්වා කාලය තුලදී A,B සහ C යන කාණ්ඩ සඳහා පමණක් පැය දෙකයි මිනිත්තු 30ක කාලයක් සඳහා විදුලි සැපයුම අත්හිටුවීමට යෝජනා කර ඇත.