Spread the love

අද (03)දිනයේ දිවයින පුරා විදුලි කප්පාදුව පැය 01 විනාඩි 40 සීමා කර ඇතිබව  මහජන උපයේගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

අවශ්‍ය ඉන්ධන තොග බලාගාර වෙත ලැබීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

පසුගිය දින කිහිපයේ පැය 08 වැඩි විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදුවිය.ඉදිරියේ තවදුරටත් විදුලිය කප්පාදු කරන වේලාව අඩුකිරීමට හැකි වනු ඇතිබව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය