ලංකා විදුලි බල මණ්ඩලය ලබන වසරේදී විදුලි ඒකකයක් සඳහා රුපියල් 56.90 ක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
සාමාන්‍ය ගාස්තුව රුපියල් 29.14 ක් වන බවත් හිඟය රුපියල් බිලියන 423.5 ක් ලෙස ගණන් බලා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරයි.
පහළ ස්ථරවල සිටින පාරිභෝගිකයින් සඳහා විශාල වශයෙන් සහනාධාර ලබා දෙන අතර ඉහළ ස්ථරවල සිටින පාරිභෝගිකයින් සඳහා සහනාධාරයෙන් කොටසක් වන්දි ගෙවීම සඳහා ඒකකයක සාමාන්‍ය පිරිවැයට වඩා ගෙවන බව ඇමතිවරයා පවසයි..
ඒ අනුව සෑම ස්ථරයක්ම ඒකකයකට රු. 56.90 ක් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෘජු මුදල් දීමනාවක් විය යුතු බව තමාගේ පෞද්ගලික අදහස බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.