Spread the love

විදුලි ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව හදිසි විදුලිය මිලදී ගැනීමට අවසර දුන් බව පැවසීය.

පසුගිය මාසයේදී විදුලි ඒකකයකින් රුපියල් 20ක පාඩුවක් විදුලි බල මණ්ඩලයට සිදුව තිබේ.

ඉන්ධන නොලැබීම හේතුවෙන් හදිසි මිලදීගැනීම් සදහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට කැබිනට් මණ්ඩලයද අනුමත කර ඇති බව සභාපතිවරයා පැවසීය.

ඒ අනුව මෙගාවොට් 100 ක් ඇඹිලිපිටිය ඒස් පවර් ආයතනයෙන් මාස 06 කාලයක් සදහා මිලදී ගැනීමට අවසර ලබාදුන් බව වැඩිදුරටත් සභාපතිවරයා පැවසීය.